මෙරට රිලවුන් චීනයට යනවාට එජාප ප්‍රබලයෙක් අකමැති වෙයි.

By krishani Apr 19, 2023 06:46 AM GMT
Report

මෙරට රිළවුන් චීනයට ලබා දීමේ තීරණය ගැන හිටපු වනජීවී අමාත්‍යවරයෙකු වශයෙන් තමා විරෝධය පළ කරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් අදාළ ක්‍රියාව මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනි බවත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ආවේණික විශේෂ කිසි විටෙකත් සමූහ වශයෙන් අපනයනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.

කෙසේවෙතත්, යම් හෙයකින් එලෙස මෙරට රිළවුන් චීනයට ලබා දෙන්නේ නම් එය සත්වෝද්‍යාන අතර හුවමාරු වැඩසටහන් සඳහා පමණක් විය යුතු බවත් එම සතුන් රසායනාගාරවලට ගොස් වධ හිංසාවලට ලක් වීමට විශාල ඉඩක් ඇති බව හොඳින්ම දැන සිටින පසුබිමක එම සතුන් චීනයට යැවීම අමානුෂික ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join