උදේ 8 ඉඳලා 8.5 වෙනකම් - විනාඩි 5කින් කරන්න යන රිලා සංගණනයක

By Gagana News Mar 03, 2025 11:25 AM GMT
Report
Courtesy: BBC

වගාවට හානි කරන වන සතුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට දැඩි බලපෑම් එල්ල වන අතර, පැය කිහිපයක් රටට ම විදුලිය අහිමි කළ 'වඳුරෙකු' පිළිබඳව ද දැඩි කතාබහක් ඇති විය.

වසර ගණනාවක් පුරා රිළවුන් ඇතුළු සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි අවම කිරීම සඳහා විවිධ විසඳුම් සහ අත්හදා බැලීම් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

වඳුරන් චීනයට ගෙන ගොස් දැමීම, රිළවුන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම ද එවැනි යෝජනා අතර විය.

වත්මන් රජය විසින් ද, වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි පිළිබඳව මෙන් ම ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට කමිටුවක් ද පත් කරනු ලැබී ය. එම වන සතුන් සංගණනය සිදුවන ආකාරය පිළිබඳව අපි තවදුරටත් කරුණු විමසා බැලීය.

ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ නීතිගත සංස්ථාව අතර ගැටලුව තවදුරටත් පවතියි

ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ නීතිගත සංස්ථාව අතර ගැටලුව තවදුරටත් පවතියි

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආරක්ෂක අංශ, සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව ඇතුළු පාර්ශවවලින් සැදුම්ලත් වන සත්ව හානි පාලනය කිරිමේ කමිටුවේ තීරණයකට අනුව මෙම වැඩසටහන සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ, කෘෂි සංවර්ධන අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ සඳහන් කළා ය.

තවද, "මෙච්චර කල් ලංකාවේ මේ වගේ සංගණනයක් කෙරිලා නැහැ. මොකක් හරි පාලන ක්‍රමයක් සැලසුම් කරනකොට, අපි ගාව විද්‍යාත්මක දත්තයක් තියෙන්න ඕන නේ. ඒක නිසා තමයි මේ වගේ සංගණනයක් කරන්න තීරණය කළේ.

මාර්තු 15 සෙනසුරාදා අපි යොදාගෙන තියෙන්නේ. මොක ද සෙනසුරාදා ගොඩක් අය ගෙදර ඉන්නවා කියලා අපි හිතනවා. උදේ 8 ඉඳලා 8.05 තමයි අපි තීරණය කරපු වෙලාව. එහෙම නැතිනම් අල්ලපු වත්තට ගියාම ආයෙ සැරයක් ගණන් කරනවනේ.

හැමෝම 8 ඉඳලා 8.05 වෙලාව ඇතුළත තමන්ගේ වත්තට එන සත්තු හතර වර්ග, හතරෙන් කී දෙනෙක් ඉන්නවා ද කියලා ගණන් කරලා දෙන්න ඕනේ. සතුන් උදේම එළියට එන නිසා වනජීවී එකෙන් තමයි ඒ වෙලාව වඩාත් සුදුසු යි කියලා කිව්වේ. අපි පෙර පුහුණවට ගියාමත් ඒක තහවුරු වුණා" යැයි අතිරේක ලේකම්වරිය කියා සිටියා ය.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රදේශීය ලේකම් හරහා ග්‍රාම නිලධාරින්හට තම වසම තුළ වගකීම පවරා ඇති බව ද ඇය සඳහන් කළා ය.