ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

By Aruna Mar 25, 2025 06:08 AM GMT
Report

ගම්පහ ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.