ජාතික ලැයිස්තුවට තවත් මුහුණක්..

Srilanka Muslim Congress Sri Lankan political crisis Latest Headlines National People's Power - NPP
By Sewvandhi Nov 21, 2024 01:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම්කර තිබෙනවා.එම්.එස්. නලීම්වයි එම පක්ෂයේ ජාතික ලැ‍යිස්තු මන්ත්‍රීවරයා ලෙස නම්කර ඇත්තේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බවයි.

අදාළ පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එම නම් යොමුකිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් මන්ත්‍රී ධූරයක් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ එක් මන්ත්‍රී ධුරයක් සඳහා ද පුරප්පාඩු පවතියි.

සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 05ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.  

 මේ අතර පක්ෂයේ ඒකමතික තීරණයක් මත රවී කරුණානායක මහතාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු‍ණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය පවසයි.

සන්ධානගත පක්ෂ සහ තම පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව එම පක්ෂයට හිමිවු ජාතික ලැයිස්තු ධුරයට කෙනෙකු පත් කිරීමට පවතින හැකියාව අනුව ක්‍රියාකිරීම වරදක් හෝ අත්තනෝමතික ක්‍රියාවක් නොවන බව ඇය පැවසුවාය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රවී කරුණානායක මහතා පත්කිරීම පිළිබදව කරුණු පැහැදිලි කරමින් එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මෙම අදහස් පළ කළාය.

ReeCha