ජාතික ලැයිස්තුවට තවත් නමක් ගැසට් කෙරේ..!
මුහම්මදු සාලි නලීම් ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාව විසිනි.
පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය.
ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි. ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.