මේ පාර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට මොකද වෙන්නේ?. නව රජය ගත් තීරණය මෙන්න..
77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ය.
ඒ අනුව රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා සදහන් කළේ ය.
නමුත්, රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බව ඒ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමින් ය.
පෙර වසරේ දී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇත.
නමුත් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ නිදහස් දින සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.
You May Like This Video👇
.