මාස 9ක් අභ්‍යවකාශයේ සිරවූ ගගනගාමීන් යුවල යළි එයි-VIDEO
ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්‍යවකාශ නැවතුම් මාධ්‍යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමින් දෙදෙනා වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් මාස 9කට පසු පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර ඇති බවට පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කල.
ඒ අනූව ඔවුන් අද ෆ්ලොරිඩා මුහුදු තීරයෙන් පෘථිවියට ගොඩ බැසීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කර ඇත්තේ.
මෙලෙස තම ගවේෂණ චාරිකාවකට ගිය 58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනියක වන සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන්වරයකු වන බච් විල්මෝර් යන ගගන්ගාමීන් දෙදෙනා දින 08ක කාලසීමාවක් සඳහා පසුගිය වසරේ ජූනි මස 5 වැනිදා ස්ටාර්ලයිනර් යානයේ පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගියද ඔවුනට එම නියමිත කාලයේදී යළි පැමිණීමට නොහැකි වන්නේ හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හටගැනීම හේතුවෙනි ඒ අනුව, ගගනගාමින් දෙදෙනා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ තනිකර එම යානය පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා යළි පෘථිවියට පැමිණ තිබිණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මාස ගණනාවක් පුරා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටින සුනිතාට සහ විල්මෝර්ට අවශ්‍ය ආහාර ඇතුළු සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ නාසා ආයතනය විසින් අඛණ්ඩව සපයනු ලැබූ අතර, ඒ සඳහා වරින් වර අභ්‍යවකාශ භාණ්ඩ ප්‍රවාහන යානයක් භාවිත කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තම ගගනගමින් දෙදෙනා වන සුනිතා සහ විල්මෝර් දෙදෙනා තවත් ගගනගාමින් දෙදෙනකු වන අමෙරිකානු ජාතිකයකු සහ රුසියානු ජාතිකයකු සමඟ මාර්තු (16) එනම් පෙරේදා අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වූ එලෝන් මස්ක්ට අයත් පෞද්ගලික අභ්‍යවකාශ සමාගමේ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයකිනි.
