රනිල් පත්කරන්නැයි නරේන්ද්‍ර මෝදි ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුමක්?..ඩලස්ට දෙන්න එපා කියලලු.

Report

08 වැනි විධායක ජනාධිපති ධුරයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත දෙමළ ජාතික සන්ධානය සිය සහාය පළ කෙරෙන බව ප්‍රකාශ කෙරුණ ද එය මේ වනවිට (20) වෙනස් වී තිබෙනවා.

ඒ අනුව එම පක්ෂය තීරණය කර ඇත්තේ සිය සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමටයි.

මීට හේතුව ලෙස අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දෙමල ජාතික සන්ධානය සිය සහාය ඩලස් අලහප්පෙරුම වෙත පළ කිරීමට ගත් තීන්දුව වෙනුවෙන් ඉන්දීය රජයෙන් විරුද්ධත්වයක් එල්ල වී ඇති බවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් හට දූරකථනයෙන් අමතා බැණ වැදී ඇති අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ පක්ෂ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදිය යුතු බවයි.

එසේ නොවුණහොත් ඉදිරියේ දී කිසිදු ලෙසකින් ඉන්දීය සහාය ශ්‍රී ලංකාවට ලබානොදෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී පැවැත්වෙන නව අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ වෙත දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිය පක්ෂ නායක සම්බන්දන් වෙත ලබා දුන් බව පැවසෙන දූරකථන ඇමතුම පිළිබඳ මන්ත්‍රී සුමන්තිරන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ, එවන් සිදුවීමක් සිදු නොවූ බවත්, එය සම්පූර්ණයෙන් ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery