ඉන්දිය අගමැති හෙට පළමු වරට යන්න හදන තැන...
By Aruna
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට පෝලන්තයේ සහ යුක්රේනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.
දැනටමත් පෝලන්තයේ සිටින මෝදි හෙට යුක්රේනයට පැමිණීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කරන ලද්දේ.
ඉන්දීය රාජ්‍ය නායකයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන්නේ වසර 45කට පසුව වීම විශේෂත්වයක්.
එමෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයෙකු යුක්රේනයේ සංචාරය කරන පළමු අවස්ථා මෙය වන අතර එහිදී ඔහු ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි හමුවීමටද නියමිතව ඇත.