දිට්වා හේතුවෙන් නැවතුන උඩරට දුම්රිය සිහිනය සැබෑවක් වෙයි

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් අද (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ .

කුණාටුව හේතුවෙන් අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අඩි 65ක් ගැඹුරට, අඩි 100ක් පළලට සහ අඩි 120ක් දුරට හානි වී තිබේ.

එයින් පසු උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළට පමණක් සීමා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ  දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළු නිලධාරීන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත මෙම මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබුණු බවයි  

bandulla-nanuoya by kanchana