මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවයට නාමල්ගෙනුත් සුබ පැතුම්

Report

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවයට නාමල්ගෙනුත් සුබ පැතුම් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අද(28) දිනට යෙදී ඇත.

ඒ අනුව ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වන අතර ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වේ.

මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා - ජනපතිගේ හජ් දින සුබපැතුම

මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා - ජනපතිගේ හජ් දින සුබපැතුම

මෙම හජ් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සුබපැතුම් එක්කර තිබේ

'' පවිත්‍ර හජ් වන්දනාව නිම කරමින් ලොව පුරා සිටින සියලුම බැතිමතුන්ට සාමය සතුට සෞභාග්‍ය සහ අනන්ත කරුණාව පිරි සුබ හජ් උත්සවයක් වේවා ''