හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු අමුතුම ප්‍රතිචාර (PHOTOS)
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද සිය ෆේස්බුක් ගිණුමෙන් " Facebook Live " වීඩියෝවක් සඳහා එකතු වුණා.
එහිදී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණු අතර ප්‍රශ්න අසනවා වෙනුවට බොහෝ තරුණ තරුණියන් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ "නිවන් සුව ලැබේවා" යනුවෙනුයි.
සාමාන්‍යයෙන් ෆේස්බුක් ලයිව් වැඩසටහනකදී මෙවැන්නක් සිදු නොවුන අතර අනපේක්ෂිත ලැබුණ ප්‍රතිචාර අනුව නාමල් රාජපක්ෂ මහතා ද පුදුම වී සිටින බව ඔහුගේ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වුණා.
ඒ සදහා මීට සුළු වේලාවකට පෙර නාමල් රාජපක්ශා මහතාද ප්‍රතිචාර ලෙස "නිවන්සුව පැතූ ඔබ සැමට මම දීර්ඝායූ පතමි." ලෙස ප්‍රකාශ කර තිබුනා.




