හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

Law and Society Trust Namal Rajapaksa Law and Order
By Wayomi Dec 16, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

පරීක්ෂණයක් කර නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ , නීති විද්‍යාල අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය කලින් ලබාගෙන, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ද සහිතව විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිට විභාගයේ සියලුම නීති උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික හැසිරීම සම්බන්ධවයි.

අවුරුදු ගාණකට පසු මහින්දගේ කෑම චෙක් කරන්න ශිරන්ති බාර ගනියි.? - (VIDEO)

අවුරුදු ගාණකට පසු මහින්දගේ කෑම චෙක් කරන්න ශිරන්ති බාර ගනියි.? - (VIDEO)

එම පැමිණිල්ල මඟින් ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි බවත්, විභාග ආරම්භයේදි ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතු පරිසරයක සිදුකළ මෙම විභාග අකටයුත්ත සම්බන්ධව ප්‍රශ්න කළ තමන්ට අවසන් වසර නීති විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් පැමිණිලිකරු දන්වා තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි අගවිනිසුරුටත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කාර්යාල කළමනාකරු (office manager) ලෙස කටයුතු කළ පුද්ගලයා එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් තම ජංගම දුරකථනයට කතා කර මරණීය තර්ජන එල්ල කළ බවත් ඔහු පේනවා දෙනවා.

එමෙන්ම මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම තමන් පැහැර ගැනීමට ලක් වු බවත්, තමන්ගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද බවත් වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකින් දිවි බේරාගත් බවත් කියන පැමිණිලිකරු අවසානයේ දී රටත් හැර යන්නට සිදුවූ බව පවසන්නේ මේ සිදුවීම් නිසා තමන් රෝගීයෙක් මෙන්ම සරණාගතයෙක් ද බවට පත් කර ඇති ආකාරය සම්බන්ධව අනුවේදනීය සටහනක් තබමින්.

තුෂාර ජයරත්න සිය මුහුණු පොතේ තබා ඇති සටහන මෙන්න,

ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම නිතිඥ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා කරන කාරුණික ඉල්ලිමයි.

දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න වන මගේ ජාතික හැදුණුම්පත් අංකය 720692368v වේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මාගේ ලියාපදිංචි අංකය 17988 වේ.

2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේදි මම ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග අවසන් වසර විභාගයට අපේක්‍ෂකයෙකු ලෙස පෙනි සිටියෙමි. එම විභාගයේදි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල සාමාන්‍ය ශිෂ්‍යයන්ගෙන් වෙන් කොට A/C කාමරයක විභාගය ලියු අතර එදින ඔහු විභාගය ලියු මේසය මත අන්තර්ජාල පහසුකම් සහිත පරිඝණකයක්ද තිබිනි. ශ්‍රී ලංකා නීති විද්‍යාලීය රීති අනුව විභාග අපේක්‍ෂයෙකුට විසන්ධිකල ජංගම දුරකථනයක් වත් ලග තබා ගත නොහැකි අතර විභාග ආරම්භයේදි අප අපගේ ජංගම දුරකථන විසන්ධි කොට විභාග පරීක්‍ෂක වරයාට භාර දිය යුතුය.

ගරු අගවිනිසුරු තුමනි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2010 ඔක්තෝම්බර් මස පැවති විභාගයේ ප්‍රශ්න පත්‍ර ගරු ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතාට කලින් ලබා දි තිබුනි. මේ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති වරයාටත් එවකට සිටි ගරු අගවිනිසුරු තුමාටත් අධිකරණ අමාත්‍යංශයේ ලේඛම් තුමාටත් කෙසෙල් වත්ත පොලීසියටත් මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමටත් ලිඛිතව හා වාචිකව පැමිණිලි කලෙමි. මෙම පැමිණිල්ලෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (office manager) ලෙස කටයුතු කල ගජනායක මහතා මාගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් එවකට මා සතුව තිබු ජංගම දුරකථනයට මරණ තර්ජනය කරන ලදී.

එම තර්ජන හේතුවෙන් මා හට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් විෂය පරීක්‍ෂණයට පෙනි සිටිමට නොහැකි විය. ගරු අගවිනිසුරු තුමනි 2011 ජනවාරි 11වෙනි දින මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයේදි , මා විසින් චෝදනා 3 ක් සම්බන්ධයෙන් සාක්‍ෂි ඉදිරිපත් කලෙමි. එම චෝදනා වන්නේ. ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට අන්තර්ජාල පහසුකම් සහිතව A/C කාමරයක් ලබා දෙමින්, ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට විශේෂ පහසුකම් විභාගයේදි ලබා දුන් බව සහ එමගින් විභාග රීති උල්ලංගනය වු බව.

විභාගට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ප්‍රශ්න පත්‍ර ලබා දි තිබු බව.

ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට ඉහත මා කරන ලද චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නිළ දුරකථනය යොදා ගනිමින් මා හට මරණ තර්ජනය කල බව.

මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අද වෙනතුරු මා හට දැණුම් දි නොමැත. මෙම පැමිණිල්ල හේතුවෙන් 2 වතාවක්ම මාව පැහැර ගැනිමට ලක් වු අතර මාගේ නිවස තුළදීම බලහත්කාරි ලෙස ලියවිලි වලට අත්සන් ගන්නා ලද අතර තවත් වතාවකදි වෙඩි තැබීමකටද උත්සහ කරන ලදි. ඒ සම්බන්ධයෙන් මා ශ්‍රී ලංකා පොලිසියටද, හිටපු ගරු අගවිනිසුරු තුමියටද, මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කලෙමි. එහෙත් ඔහුන් කිසිවෙකු ද මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු නොකරන ලදී.

මතු සිද්ධිය සම්බන්ධයෙන් මා නීතිඥ ලක්‍ෂාන් ඩයස් මහතා මගින් මානව හිමිකම් නඩුවක් ගොණු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හේතු දැක්වීමකින් තොරව මාගේ මානව හිමිකම් නඩුව ඉවත දමන ලදී. ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාට එවකට සිටි ගරු අගවිනිසුරු තුමිය වන ශිරානි බන්ඩාරනායක මැතිනිය විසින් විශේෂ දිවුරුම් දිමක්ද ලබා දී තිබු අතර, ඇය ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා සමග සිය නිළ මැදිරිය තුඝ ඡායා රූප වලටද පෙනි සිටියාය. මෙම අවස්ථාව වෙනත් කිසිදු නීති ශිෂ්‍යයෙකුට මීට පෙර හෝ පසුව ලැබී නැත.

ගරු අගවිනිසුරුතුමනි ,ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා නැකතට දිව්රුම්දිමට අවස්ථාවක් ලබා දි තිබුණු අතර නැකතට පෙර ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාගේ නම කථා කිරීම සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණ රේජිස්ටාර් වරයාව සිටි මුදුන්කොටුව මහතා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලදී.

මතු සදහන් චෝදනා සම්බන්ධයෙන් ලිඛිත සහ වාචික සාක්‍ෂි ඉදිරිපත් කිරිමට මම සුදානමින් සිටිමි.

ශ්‍රී ලංකාවේ පැවති අනාරක්‍ෂිත තත්වය නිසා මා දැනට ස්විස්සර්ලන්තයේ දේශපාලන රැකවරන ලබා සිටිමි මා හට ශ්‍රී ලංකාවේදී සිදුවු වධ හිංසා හේතුවෙන් Post- traumatic stress disorder රෝගී තත්වයෙන් පසුවෙමි. මා මේ සම්බන්ධයෙන් දැනට ආසියාණු මානව හිමිකම් කොමිසම මගින් ජිනිවා මානව හිමකම් කොමිසමට පැමිණිල්ලක් ගොණුකර තිබේ

ගරු අගවිනිසුරුතුමනි ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතා ඔබ තුමා යටතේ ඇති විනය කමිටුවට කැඳවා මතු සදහන් චෝදනා විභාග කොට ලක්‍ෂ්මන් නාමල් රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිම.

මෙයට විශ්වාසී,

දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න.  


- උපුටා ගැනීමකි - 


බැංකුවල ස්ථාවර තැන්පතු ඇති අයටත් මේ පාර අස්වැසුම දීලා. - ඒ ගැන ඇමති හඳුන්නෙත්ති කළ ප්‍රකාශය මෙන්න.

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති අයටත් මේ පාර අස්වැසුම දීලා. - ඒ ගැන ඇමති හඳුන්නෙත්ති කළ ප්‍රකාශය මෙන්න.



You May Like This Video 


GalleryGalleryGallery
ReeCha