නාමල් ඩාලි පාරට ගියේ ශ්‍රීලනිපයේ බලය අල්ලන්න ද?
By Shehan
නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක ඇතුළු පිරිසක් අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) මූලස්ථානයට පැමිණ පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කළේය.
සභාපති නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා, චාමර සම්පත් දසනායක යන අය මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
සාකච්ඡාවෙන් පසු නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ට පැවසුවේ, නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන විපක්ෂ රැළිය කෙරෙහි ප්‍රධාන අවධානය යොමු වූ බවයි.
“ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබුණත්, රජයේ වංචා හෙළිකිරීමට විපක්ෂය එක්ව ඉදිරියට යනවා”
යැයි ද ඔහු කීවේය.
මේ අතර, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන් කළේ, නොවැම්බර් 21 විපක්ෂ රැළිය මුල් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි.