නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?
අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඉඩ ඇති බවද වාර්තා වේ.
මීට පෙර අවස්ථාවලදීද සිකුරාදා දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු මැති ඇමතිවරුන් අත්අඩංගුවට ගෙන, එදින සවස් කාලයේදී අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථා වාර්තා වී තිබේ.
(කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.)