නාමල්ගේ එයාර්බස් නඩුව විභාගයට අල්ලස් කොමිසමෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීමට නියම කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.