නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS)
By Wayomi
පසුගිය 3වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ගේ රථයේ ගැටී රෝහල් ගත කෙරුණු තරුණයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග පවසන්නේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, සිහි විසඥව සිටින ඔහුගේ ජීවිතය පවත්වාගෙන යනු ලබන්නේ, යන්ත්‍ර උපයෝගී කරගෙන බවයි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසල දී පසුගියදා සිදු වූ රිය අනතුරින් 22 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලැබූවා.
ඔහුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව වාර්තා වුණේ.
මෙලෙස අනතුරට ලක්වූයේ, තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක නිතර වී සිටි තරුණයෙක්.
එමනේම මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත්ව සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.