පුත්තලම කැළඹෙයි - අහසේ හදිසියෙම මතු වූ අබිරහස් ගිනි ජාලාවෙන් ජනතාව භීතියෙන් - මිසයිලයක් බවටත් සැකයක්

Report

ඊයේ (01) දින අලුයම පුත්තලම නගරයට ඉහළින් අහසේ ඇදී ගිය අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් නිසා ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත්ව තිබෙන බව වාර්තා වේ.

එසේම එම විස්මයජනක දර්ශනය දැකබලා ගැනීමට බොහෝ පිරිසක් නිවෙස්වලින් පිටතට පැමිණ ඇති බවත් සඳහන්. මේ අතර කිහිපදෙනෙකු තම ජංගම දුරකථනවලින් එහි ඡායාරූප ගැනීමට ද සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශයන්ට අනුව, මෙම අද්භූත වස්තුව අඩි කිහිපයක් දිගින් යුක්ත වී ඇති අතර, රොකට්ටුවක හෝ මිසයිලයක ආකාරයෙන් ගිනිදැල් සහිත වල්ගයක් ඊට පිටුපසින් දර්ශනය වී ඇති බවත් සඳහන්.

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

එමෙන්ම සාමාන්‍ය ගුවන් යානයකට වඩා වැඩි වේගයකින්, අඩි 300ක පමණ උසකින් පියඹා ගිය මෙම වස්තුව, නොපෙනී යන තෙක් පුත්තලම කලපුව දෙසින් ඈත අහසට ගොස් අතුරුදන් වූ බව ප්‍රදේශවාසින් පවසයි.

එසේම එමඟින් කිසියම් අනතුරක් සිදුවිය හැකි යැයි බියට පත් වූ ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

කෙසේ වුවද මෙම සංසිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් අතර විවිධ මත පළවෙමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මැදිහත් වී නිල පැහැදිලි කිරීමක් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී ප්‍රගතියක් - විදෙස් ප්‍රේෂණ 24.5%කින් ඉහළට

ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී ප්‍රගතියක් - විදෙස් ප්‍රේෂණ 24.5%කින් ඉහළට

උසස්පෙළට මේ විෂයන් හදාරපු අයට සුබ ආරංචියක් - අද රාත්‍රීයේ සිට අයදුම් කළ හැකි බව දන්වයි

උසස්පෙළට මේ විෂයන් හදාරපු අයට සුබ ආරංචියක් - අද රාත්‍රීයේ සිට අයදුම් කළ හැකි බව දන්වයි