කුණු වෙරළට තවත් අභිරහස් බහාලුමක් ගොඩගසයි

Report

රත්ගම පොලිස් වසමේ ඕවකන්ද හන්දිය ආසන්න වෙරළ තීරයට අද (03) උදෑසන තවත් බහාලුමක් ගොඩගසා තිබේ. පොලීසිය සඳහන් කළේ, සුදු පැහැයට හුරු මෙම බහාලුම අඩි 40ක් පමණ දිගින් යුත් එකක් බවයි.

එය නෞකාවකින් මුහුදට පෙරළී ගිය බහාලුමක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

මේ අතර, ඊයේ (02) ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස පිහිටි වෙරළ තීරයට ද මෙවැනිම සුදු පැහැති බහාලුමක් ගොඩගසා තිබුණි.

එම බහාලුම කොළඹට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නෞකාවකින් පෙරේදා මුහුදට වැටුණු හිස් කන්ටේනරයක් විය හැකි බවට මේ වන විට සැක කෙරේ.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න