CIDය දක්වා ගිය අභිරහස් මරණය

CID - Sri Lanka Police Sri Lanka Journalists In Sri Lanka Death
By Zara Mar 04, 2025 07:05 PM GMT
Zara

Zara

Report

දෙහිවල, හිල් වීදියේ නිවෙසක සිදු වූ අබිරහස් මරණයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින (04) භාරදෙනු ලැබුවා.

ඒ අනුව මාර්තු මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලදී.

මෙලෙස මිය ගොස් ඇත්තේ අගෝස්තීනුගේ සමරජීව නැමැති දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ මාධ්‍යවේදිනියක වන අතර, සිය සැමියා ජනවාරි මස පළමු වනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැලුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටියදී සොයා ගෙන තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා දෙහිවල, හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11.00 ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලුවද තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු නොකොට, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුමක් ඇන්දවීමට කටයුතු කර තිබීමත් සැකයට තුඩු දෙනු ලබන බවත්, මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදු කර නැති බවටත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ ගින්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවටයි දෙහිවල පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු සඳහන් කර ඇත්තේ.

සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබීම නිසාත්, මේ පිළිබඳව දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීම නිසාත් යන කරුණු මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිඛෙනවා.

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

ReeCha