පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS)

Refugee Mullaitivu Sri Lanka Myanmar
By Piyumika Dec 21, 2024 02:32 AM GMT
Piyumika

Piyumika

Report

අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි.

එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය .

මෙම පිරිස ත්‍රිකුණාමල වරායෙන් ඊයේ (20) ගොඩබිමට රැගෙන ආ අතර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙලෙස පැමිණි සරණාගත පිරිස අතරින් එක් අයෙක් පැවසුවේ මියන්මාර්යේ පවතින අභ්‍යන්තර වර්ගවාදී යුද ගැටුම් නිසා තමා ගෙවල් දොරවල් අතහැර එරට ආරක්ෂක අංශවලට රහසිගතව මුදල් ගෙවා රටින් පිටවූ බවය.

ඩබල් වූ පඩිය ගැන CEYPETCO සභාපතිගෙන් නිවේදනයක් ..

ඩබල් වූ පඩිය ගැන CEYPETCO සභාපතිගෙන් නිවේදනයක් ..

තවත් සරණාගතයෙක් පැවසුවේ තමන් සිටි ගම්මානයට ඉහළින් බෝම්බ හෙලන බවත් ජීවිත ආරක්ෂාව පතා මෙලෙස රටින් පිටවීමට තීරණය කළ බවත්ය.

එම පිරිස අතරින් තවත් අයෙක් ප්‍රකාශ කළේ තම තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ අභ්‍යන්තර සන්නිවේදන සබඳතා සියල්ලම ඇණ හිට ඇති අතර කිසිදු සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැතිව හුදෙකලාව යුද බියෙන් සිටීම නිසා මෙම තීරණයට එළැඹි බවයි .

ත්‍රිකුණාමල වරායෙන් ගොඩ බසින සරණාගතයන් පිළිබඳ සොයා බැලීමට පැමිණි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ මෙම පිරිස සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පවතින නීතියට අනුව කටයුතු කරන තෙක් විසා නොමැති විදේශිකයන් රඳවන මිරිහාන එළිමහන් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට කටයුතු කරන බවය.

මෙලෙස පැමිණ සිටි පිරිස එකසිය පහළොවක් වන අතර ඉන් දොළොස් දෙනකු බෝට්ටු තුනේ කාර්ය මණ්ඩලය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි.

ඉතිරි සරණාගත පිරිස 103 දෙනා අතර කාන්තාවන් 24 පිරිමි පුද්ගලයන් 34 හා දරුවන් 45ක් සිටින බවද වරාය පොලිසිය වැඩිදුරටත් කීහ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තු..

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තු..

මෙම සියලු දෙනාට ජලය හා ආහාර ලබාදීම නාවික හමුදා විසින් සිදු කරනු ලැබුහ ..ත්‍රිකුණාමලය අතිරේක දිසාපති එස්. සුදාකරන්, ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. සුගුණදාස් ආගමන විගමන නිලධාරීන් නාවික හමුදාව, සෞඛ්‍ය අංශ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනු ලැබීය .

විමර්ශන වලදී එක් සරණාගතයකු පැවසුවේ මියන්මාරයෙන් බෝට්ටුවලට නැග පිටත්ව ඊයේ දිනට (20) දින 16 ක් වන බවය.

සනීපාරක්ෂක අවම පහසුකමක්වත් නොමැතිව බෝට්ටුව තුළ සහ ඇතුලේ සිරවී අව්වැසි නොතකා මෙම පිරිස දින දාසයක් ගමන් කර තිබූ අතර ඇතැම් කුඩා දරුවන් සහ කාන්තාවන් දැඩි විජලනයකින් හා ඇවිදගත නොහැකිව සිටින ආකාරයද දැකගත හැකි විය .

එසේම මුල්ලි වයිකල් වෙරළට පැමිණිමියන්මාර් සරණාගතයන් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ දොළොස් දෙනකු ලබන 31 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS) | Myanmar Refugees Land In Mullaitivu

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS) | Myanmar Refugees Land In Mullaitivu

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS) | Myanmar Refugees Land In Mullaitivu

You may like this video

ReeCha