මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මෙරටට.. කුඩා දරුවන්ම 25කට ආසන්න ප්‍රමාණයක්..
Sri Lanka Police
Refugee
Sri Lanka
Myanmar
Sri Lanka Navy
By Piyumika
මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.
ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව සඳහන් ය.
අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත එය මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව වාර්තා වෙයි. යාත්‍රාවේ සිටින පිරිසට අවශ්‍ය ආහාර හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරන බවත්, ඔවුන්ට කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බවත් ආරක්ෂක බලධාරීන් පැවසීය.
එම යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවට දැනට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
You may like this video