මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,600 ඉක්මවයි

UN International Day for National disaster reduction Myanmar Thailand State of Emergency Earthquake
By Shehan Mar 30, 2025 04:15 AM GMT
Shehan

Shehan

Report

මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවා ගොස් ඇති අතර, එය දස දහස ඉක්මවීමේ අවදානමක් ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීය.

පසුගියදා මධ්‍යම මියන්මාරයට රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑ අතර, එහි අපිකේන්ද්‍රය ඊසානදිග සගයින් නගරයේ සිට කිලෝමීටර් 16ක් උතුරින් පිහිටා තිබුණි.

ප්‍රධාන භූකම්පනයෙන් පසු ප්‍රබල පසුකම්පන 6ක් රට තුළ බලපෑම් ඇති කළේය. මෙය සියවසකට වැඩි කාලයකින් මියන්මාරයට බලපෑ වඩාත්ම ප්‍රබල භූකම්පනය ලෙස වාර්තාවලට එක්ව ඇත.

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි! (UPDATE)

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි! (UPDATE)

හමුදා පාලනය හේතුවෙන් මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින මියන්මාර වැසියන් මෙම භූකම්පනයෙන් තවත් දැඩි පීඩාවට පත්ව සිටිති.

භූකම්පනයෙන් නැපීටා අගනුවරටත් හානි සිදුව ඇති අතර, දෙවන විශාලතම නගරය වන මැන්ඩලේට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මැන්ඩලේහි ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර, නිවාස 1,500කට වඩා වැඩි ගණනකට හානි වී ඇති බව වාර්තා වේ.

මැන්ඩලේ නගරයේ පෙර පාසලක් පිහිටි ගොඩනැගිල්ලක්ද කඩා වැටී ඇති අතර, එහි සිටි පෙර පාසල් දරුවන් 12 දෙනෙකුගේ සහ ගුරුවරයෙකුගේ මෘත දේහ සහන සේවකයින් විසින් සොයා ගෙන ඇත. BBC වාර්තාවලට අනුව, මැන්ඩලේහි මියගිය අයගේ සිරුරු ගොඩගැසී ඇති ආකාරය දක්නට ලැබේ.

තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති අතර, පසුකම්පන අවදානම හේතුවෙන් සමහරුන්ට ප්‍රතිකාර ලබාදෙන්නේ රෝහල්වලින් පිටතදීය. මුදාගැනීමේ කටයුතු සඳහා චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරයට පැමිණ ඇති අතර, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වියට්නාමය ඇතුළු රටවල් රැසක්ද සහය පිරිනමා ඉදිරිපත් වී තිබේ.

තරුණ පරපුර අවධානමෙන් - HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට

තරුණ පරපුර අවධානමෙන් - HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට

ReeCha