මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද
මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) දිනයේ පැවැත් වේ.
එහි සුවිෂේශීත්වය වන්නේ එරට හමුදා පාලනය 2021 වසරේ කුමන්ත්‍රණයකින් පාලන බලය ලබාගැනීමෙන් පසු පවත්වනු ලබන පළමු මැතිවරණය මෙය වීමයි.
ඒ වගේම අදියර තුනක් යටතේ පැවැත්වෙන ඡන්ද විමසීම ජනවාරි මස 25වනදා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සදහන් වේ.
මෙම මැතිවරණයේ දී සමස්ත ඡන්දදායකයින්ගෙන් අඩක් පමණ ඡන්දය භාවිත නොකරනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනු ලබයි.
එයට හේතුව වනුයේ මියන්මාරයේ බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ විසුරුවා දේශපාලන නායකයින් රැසක් සිරගත කර ඇති පසුබිමක මෙන්ම අඛණ්ඩ සිවිල් යුද්ධයක් පවතින වකවානුවක් වීමයි.
ඒ වගේම හමුදා පාලනයට ඇති විරෝධය හේතුවෙන් මැතිවරණය දිනෙන් දින කල් දමමින් සිටි මියන්මාර හමුදා පාලනය, සිය බලය නීත්‍යානුකූලව තහවුරු කරගැනීමේ අරමුණින් මෙලෙස මැතිවරණය පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද විචාරකයින් සදහන් කර තිබේ.