මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එම් ආර් ඒ ජී බී මුතුකුඩේ මහතා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කර ඇත.
වසර 30කට ආසන්න දීර්ඝ සේවා කාලය තුළ ඒ මහතා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර තිබේ
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් , ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන්ම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන රැසක මුදල් අධ්‍යක්ෂ සහ ගණකාධිකාරී වැනි තනතුරු රැසක් හොබවා ඇත රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් පශ්චාත් උපාධිය සම්පුර්ණ කර ඇත.