ඡන්දය ගැන මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ..! සහය කාටද..?

Srilanka Muslim Congress Rauf Hakeem Sajith Premadasa Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 04, 2024 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

සියලු ආසන සංවිධාකයින් ඊයේ(3) කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

සර්වජන බලයේ ජනපති අපේක්ෂකයා කවුද..?

සර්වජන බලයේ ජනපති අපේක්ෂකයා කවුද..?

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන දිස්ත්‍රීක් තුනක් සඳහා මෙහෙයුම් ප්‍රධානීන් පත්කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධයි.

ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මෙලෙස පත්කර තිබෙනවා.

මීට අමතරව අමාත්‍ය කංචන විජේසේකර ජනාධිපතිවරයාට සහය පළ කිරීම සදහා එක් වීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පත්කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දෙපාරක් ජනපති වෙනවා..අමුතුම හෙළිදරව්වක්..

සජිත් ප්‍රේමදාස දෙපාරක් ජනපති වෙනවා..අමුතුම හෙළිදරව්වක්..

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, දෙදෙනා අතර කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවති හමුවේදියි. ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව මුණගැසී ඇති බවයි වාර්තාවන්නේ.

රනිල් මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා. මේ අතර තංගල්ල - කාල්ටන් නිවසේ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ විපක්ෂ නායකවරයා සමඟ තමන්ට ගණුදෙනුවක් නොමැති බවයි.

ReeCha