දෙයියනේ පෙම්වතා පෙම්වතිය මරලා ෆිජ් එකේ අවුරුදක් තියන් ඉදලා - ඇඟ කිලි පොලායන අපරාධයක්
ඉතා අවාසනාවන්ත කතාවක් පිළිබඳව වාර්තාවේ. ඒ අනුව තම පෙම්වතිය තමාට අවමන් කිරීම හේතුවෙන් ඇයව ඝාතනය කර, ඇගේ සිරුර කිම්චි ශීතකරණයක මාස ගණනාවක් සඟවා තබා තිබේ.
පසුව ඇය මියගිය බව සඟවා ඇය ලෙස පෙනී සිටිමින් පවුලේ සාමාජිකයන්ට කෙටි පණිවිඩ යැවූ පුද්ගලයෙකු දකුණු කොරියාවේදී, අධිකරණය හමුවේ සිය අපරාධය පාපොච්චාරණය කර තිබේ.
වයස අවුරුදු 40 ගණන්වල පසුවන, මෙම පෙම්වතා, පසුගිය වසරේ ඔක්තෝබර් 20 වන දින උතුරු ජොල්ලා පළාතේ ගුන්සාන්හි නිවසකදී මෙලෙස සිය පෙම්වතිය ගෙල සිරකර මරා දමා තිබූ බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රධාන වශයෙන්ම, ඔහු තම කොටස් වෙළඳපොළ ආයෝජන පිළිබඳ ඇගේ උපදෙස් පිළිපැදීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ඇය බැණ වැදීම නිසා මෙම ඝාතනය සිදුකළ බවට සදහන්.
ඝාතනයෙන් පසු, විත්තිකරු වසරකට ආසන්න කාලයක්, ඇයගේ සිරුර කිම්චි ශීතකරණයක සඟවා තිබූ බවට පවසා ඇත.
මෙම කාලය තුළ, ඔහු ඇයගේ දුරකථනයෙන් පවුලේ සාමාජිකයන් සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් මියගිය තැනැත්තිය ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට තිබෙනවා. සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.