බඩල්කුඹුරේ දී තිදරු පියෙක් කපා කොටා මරා දමයි.
By Sithumi
මල සිරුර වෙලදසැලක් තුල තිබී සොයාගනී මොණරාගල බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් එකොලහ කණුව ප්‍රදේශයේ තාවකාලික පලතුරු වෙලදසැලක් තුල තිබී කපා කොටා ඝාතනය කල පිරිමි මල සිරුරක් ඊයේ පස්වරුවේ දී බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හතලිස් පහක් වන තිදරු පියෙකු වන අතර මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.