මහල් නිවාස සංකීර්ණයක ඝාතනයක්

By Hashini Apr 05, 2025 11:45 AM GMT
Report

ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකුට තුවාල සිදුව තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසන්නේ අද අලුයම් කාලයේ වූ පහර දීමෙන් පසුව අදාළ කාන්තාව හා පිරිමි පුද්ගලයා කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි.

කොළඹ වරායට ආ සයාද්‍රි යුධ නෞකාව

කොළඹ වරායට ආ සයාද්‍රි යුධ නෞකාව

එහිදී තුවාලකාරිය රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් සිට ඇති වාර්තා වනවා.

මේ අතර අන් තුවාලකරු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරම මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 60ක කාන්තාවක් බවත්, තුවාලකරු අවුරුදු 26ක් වන මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතරම ආරවුලට මැදිහත් වූ අනෙක් පුද්ගලයාටද මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පහර දී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතරම ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක වනවා. 

වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයකු ඝාතනය කළ සිද්ධිය ගැන පරික්ෂණ CIDයට

වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයකු ඝාතනය කළ සිද්ධිය ගැන පරික්ෂණ CIDයට