ප්‍රදේශ දෙකක සිදු වූ බිහිසුනු ඝාතන - මවක් හා තරුණයෙක් ජීවිතක්ෂයට

Report

වැල්ලව – මරළුවාව ප්‍රදේශයේ දී වයස අවුරුදු 35ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් ඝාතනය කර තිබෙනවා. 

විදේශගතව සිට දිවයිනට පැමිණි ඇයගේ ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පැවසෙන්නේ.

අදාළ සැකකාර පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින දෙකකට පෙර ඔහු දිවයිනට පැමිණ ඇති අතර දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුවයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

මේ අතර, මිල්ලනිය – කිම්මන්තුඩාව ප්‍රදේශයේ දී තරුණයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි වයස අවුරුදු 29ක් පමණ වූ අයෙක්. මුදල් ගනුදෙනුවක් මත සිදු වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර සිද්ධියට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධ බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Online පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්..!

Online පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්..!

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..!

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..!