තම මව ඝාතනය කළ පුතු,දියණිය සහ ලේලිය පොලිස් දැලේ

By Shehan Mar 12, 2025 03:03 AM GMT
Report

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස මියගොස් ඇති අතර මියගිය කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කර සිටියේය.

වෛද්‍යවරියට ලිංගික අතවර කළ සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

වෛද්‍යවරියට ලිංගික අතවර කළ සිදුවීමට රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

කෙසේවෙතත් ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි මියගිය කාන්තාවගේ පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය මොනරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.