ගමන් මල්ලෙන් හමු වුණ මළ සිරුර

India Sinhala news
By Hashan May 12, 2025 09:25 AM GMT
Hashan

Hashan

Report

වයස අවුරුදු 10 ක කුඩා දරුවකු ඝාතනය කොට ගමන් මල්ලක සඟවා දමා ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

මව සහ ඇගේ පෙම්වතා විසින් අදාළ ඝාතනය සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.  ගුවහට්හි බසිස්ත ප්‍රදේශයෙන් මෙම සිද්දිය වාර්තා වේ.   

උපකාර පන්තියකට ගිය තම දරුවා යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ මව විසින් සෙනසුරාදා දින පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.    අදාළ පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු අරම්භ කළ පොලිසියට අනාවරණය වී ඇත්තේ දරුවාගේ මව සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවයි.   

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පිළිබද ඇති වූ සැකයක් මත ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධය පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.   

දරුවාගේ මව සහ ඇගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කොට සිරුර ගමන් මල්ලක දමා කැළෑ බඳ ප්‍රදේශයක දමා ගොස් තිබෙනවා.   

පොලිසිය විසින් අදාළ සිරුර සහිත ගමන් බෑගය සොයා ගෙන ඇති අතර ඒ අසල තිබී දරුවාගේ පාසල් බෑගයද සොයා ගෙන තිබෙනවා.   අදාළ ඝාතනය සම්බන්ධයෙන් දරුවාගේ මව හා ඇගේ පෙම්වතා අත් අඩංගුවට ගෙන තිබෙනවා.   

අපරාධයට හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ගුවහට් පොලිසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ .

ලැජ්ජා හිතෙන අධික ආශාව!

ලැජ්ජා හිතෙන අධික ආශාව!

ReeCha