ලේ කිරි කරලා පෙව්වටද පුතේ උබ මට මෙහෙම කළේ....
පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් මවට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
අද (15) අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණේ ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණ සිටි පෙදරේරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
එම ඝාතනය සිදුකර තිබුණේ සීදූව පොලිස් වසමේ 02 වන පටුමග ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, ජුබිලි මාවත, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන කැකිරාව ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
You may like this video