දුරකථනයක් නිසා සහෝදරයෙක් තමන්ගේම සහෝදරයාට කරපු අපරාධයක්..

By Piyumika Nov 16, 2024 02:18 AM GMT
Report

මත්පැන් සාදයක් අවසානයේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයෙක් විසින් තම සහෝදරයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් සාලියවැව, පළුගස්සේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.බලහත්කාරයෙන් නිවසට ඇතුළුවී කාමරයේ දොර කඩා මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (15) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ ඊට සහාය දුන් ඥාතියෙක් සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා..රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි..

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ උදිත රාජපක්ෂ නැමති වයස අවුරුදු 35ක තිදරු පියෙක්.

ඝාතනය සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් පසු දුරකථනය අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බහින්බස්වීමක් සිදුව තිබෙනවා.අපරාධයට සම්බන්ධසැකකරුවන් වයස අවුරුදු 23 හා 24 වල  පසුවන සාලියවැව ප්‍රදේශයේම පදිංචි සැකකරුවන්ය.

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනඅහිමි වූන බලකණු..

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනඅහිමි වූන බලකණු..

එම අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා එක්ව මෙම ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලා ගොස් අසල්වැසි ගමක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.සාලියවැව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.