දිවි ගමන නිමා කල මිතුරු සාදය ...

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 30, 2024 05:21 AM GMT
Piyumika

Piyumika

Report

පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පසුගිය 27 වනදා එම සිදුවීම වාර්තා වී තිබුණේ හිදෝගම පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ අතුරුවැල්ල, නාච්චාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. සැකසහිත ලෙස මියගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් හිදෝගම පොලීසියට ලද පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව හිදෝගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර කළේය.

රූපවාහිනිය ඔස්සේ විකාශය කරපු හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පැවැත්වූ කවුද මේ හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා.

රූපවාහිනිය ඔස්සේ විකාශය කරපු හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පැවැත්වූ කවුද මේ හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා.

අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් නාච්චාදූව රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පසුගිය 28 වනදා අනුරාධපුර රෝහල වෙත යොමු කර තිබුණි. ඒ අනුව ඊයේ (29) අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එම මරණය හිසට පහරදීම හේතුවෙන් ගෙලෙහි ඉහළ කොටසට හානි සිදුවීමෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇත.

පසුගිය 27 වන දින මරණකරු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති බවත්, එහිදී මරණකරු බීමත්ව සිටි ඔහුගේ මිතුරෙකු සමඟ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මරණකරුගේ මුහුණට අතින් පයින් පහර දී ඇති බවට පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජොන්ස්ටන්ව අධිකරණයට ...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජොන්ස්ටන්ව අධිකරණයට ...

ඒ අනුව පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි නාච්චාදූව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර, හිදෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.