පිරමීඩ ජාවාරමකට හසුවූ අයෙක් පොලු පහරකින් මරුට..
පිරමීඩ ජාවාරමකට අසුව දෙමස්සිලානා අතර ඇති වූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් පොලු පහර කෑ අයකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව තංගල්ල පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවන් ප්‍රියන්ත නමැති 37 හැවිරිදි විවාහකයෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ, ඔහුට පොල්ලකින් පහරදී ඇත්තේ බිරිඳගේ සොහොයුරියගේ සැමියා බවයි.
මියගිය සැකකාර මස්සිනාගේ ඉල්ලීම මත පිරමීඩ ජාලයකට රුපියල් ලක්ෂ 20ක් තැන්පත් කර ඇති අතර එම මුදල් ලබා ගැනීමට නොහැකිවූ නිසා සිත් තැවුලෙන් පසුවූ බව පවුලේ ඥාතීන් පවසයි.
ඔහු ඒ පිලිබදව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පොලු පහර කා ඇතැයි පොලිසිය පවසයි.
පොලු පහර කා තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.