ගුරුවරිය මරා දැමූ පෙම්වතා අඩි 40ක් උස රඹුටන් ගසකට නැගල හැමෝම බලා ඉද්දි කරපු දේ..(PHOTOS)

Attempted Murder
By Aruna Jun 15, 2023 05:15 AM GMT
Aruna

Aruna

Report

දෙණියාය අධ්‍යාපන කලාපයේ දම්පහල මහා විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක ඊයේ (14) සවස සේවය නිම වී නිවෙසට යන අතරතුර ඔහුගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඌරුබොක්ක ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරුබොක්ක, කීරිපිටිය, පොල්පැලදෙණිය පදිංචිව සිටි 29 හැවිරිදි කංකානම් ගමගේ සිතාරි මධුමාලි නමැති තරුණියක බවයි පොලිසිය පවසන්නේ.

දම්පහල මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන ඇය පාසල නිම වී බස් රථයෙන් ඌරුබොක්ක බන්දන්වෙලට ගොස් එතැන් සිට පා ගමනින් සිය නිවෙසට යෑම සඳහා දොලමුල්ල මාර්ගයේ ගමන් කරමින් සිටියදී සවස 2.00ත් - 2.30ත් අතර කාලයේ ඔහුගේ පෙම්වතා මඟ රැක සිට එක්වරම තියුණු ආයුධයකින් ගෙල කපා පසුව පපුව ප්‍රදේශයට පිහියකින් ඇණ ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට පොලිසිය පවසනවා.

පසුව ඒ ආසන්නයේ ඇයගේ බාප්පා කෙනකු සිට ඇති අතර ඔහු තුවාලකාරිය ත්‍රිරෝද රථයක දමා ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

අනතුරුව පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා නිවෙසට ගොස් ලණුවක්ද රැගෙන නිවෙස ආසන්නයේ ඇති අඩි 40ක් පමණ උස රඹුටන් ගසකට නැඟ ගෙල වැලලා ගැනීමට උත්සාහ දරා ඇත.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය හතරකට ආසන්න කාලයකින් පසු සවස 5.30ට පමණ මහත් පරිශ්‍රමයක් දරා සැකකරු ගසෙන් බිමට බස්සවාගෙන ඇති අතර ඒ අතරතුර එක් අවස්ථාවක ගසෙන් බිමට බැස නැවත ගසට නැඟ ලණුව ගෙලට දමාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගසෙන් බිමට බැස්ස සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඌරුබොක්ක, කීරිපිටිය, පොල්පැලදෙණිය, පදිංචි 32 හැවිරිදි අයකු බවට පොලිසිය කියා සිටියා. මේ දෙදෙනා අතර වසර 10ක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවත් මෑතක සිට තරුණිය ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතා මඟහරිමින් සිට ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය පවසයි. පෙම්වතිය ඝාතනය කිරීමට පෙර තවත් අයකු සමඟ එක්ව මත්පැන් පානය කර ඇති බවටත්, පසුව තරුණයා අනෙක් පුද්ගලයා මඟහැර ගොස් පැමිණ ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය කියයි. ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයට මොරවක මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතව තිබුණු අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇත. අද (15) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය. ඝාතනයට ලක්වූ තරුණිය පවුලේ බාලයා වන අතර ඇයට වැඩිමල් සහෝදරියකු සහ සහෝදරියක සිටින අතර උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියා ලබා දීමේදී ගුරුවරියක ලෙස දම්පහල මහා විද්‍යාලයේ සේවයට පැමිණි තිබේ. ඇය අද (15) සහෝදරියගේ දරුවකුට බත් කැවීම සිදු වන බැවින් ඒ සඳහා සහභාගි වීමට යයි පවසා නිවාඩු ලබාගෙන පාසලෙන් පැමිණ ඇති බවට ඥාතීහු පවසති. මාතර VI සහකාර පොලිස් අධිකාරි ජී.එන්. ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පතිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

GalleryGalleryGalleryGalleryGallery