කඩුවකින් පහරදී 23 හැවිරිදි තරුණයෙකු මරා දමයි...
පානදුර වෑකඩ ප්‍රදේශයේදී කඩුවකින් පහර දී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ(31) අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මරණයට පත් වී ඇත්තේ 23 හැවිරිදි මෝදරවිල තට්ටු නිවාසවල පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.
මෙම මරණය පිළිබඳ විමර්ශනය සිදු කරන පානදුර දකුණ පොලිසිය පවසන්නේ, මෙම අපරාධය සිදු කිරීම සඳහා සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ, පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය අය පෞද්ගලික ඇඟලුම් කම්හලක භූමියකට දිව ගොස් ඇති බවයි.
එහිදී ඔහු පසුපස දිව ගිය සැකකරු ඒ තුළට ඇතුළු වී කඩුවකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙන බව පොලිසිය අනාවරණය කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |