කොස් ගෙඩියක් නිසා 29 හැවිරිදි හෝටල් හිමිකරුවෙක් ඝාතනය කරයි..
ගල්කිස්ස - ගාලුපාර, රත්මලාන ලිපිනයේ පිහිටි හෝටලයක ඊයේ(22) සවස් කාලයේ ඇති වූ පිහි ඇනුම, කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු හා ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ ඝාතනයක් බව පොලිසිය ප්‍රකාශ කරනවා.
එහිදී කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා සහ හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා පැමිණි පුද්ගලයා විසින් එම හිමිකරුට පිහියකින් ඇන තිබෙන බවයි පැවසෙන්නේ.
එහි දී බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ, මියගිය තැනැත්තා වයස අවුරුදු 29ක් වන අහස්වැව පාර, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි .
මෙම ඝාතනය සිදුකළ තැනැත්තා ගල්කිස්ස පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |