''විභාගයේදී ChatGPT භාවිත කළ බවට චෝදනාවෙන් පසු සිසුවා මියයයි'' - මුම්බායි කම්පා කළ සිදුවීමක්

Report

ඉන්දියාවේ මුම්බායිහි පිහිටි හි දෙවන වසරේ සිසුවෙකු සිකුරාදා සවස මියගොස් ඇති අතර, සිද්ධියෙන් අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් විරෝධතාවක නිරත වී තිබේ. මියගිය සිසුවා Energy Science and Engineering අංශයේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සහිල් වකෝඩේ ලෙස හඳුනාගෙන ඇත.

ආයතනය සඳහන් කර ඇති පරිදි, විභාගයක් අතරතුර ජංගම දුරකථනය භාවිත කළ බවට සිසුවා හඳුනාගෙන තිබේ. ඔහු පිළිතුරු ලබාගැනීම සඳහා විභාග ප්‍රශ්න පත්‍රය ChatGPT වෙත උඩුගත කර ඇති බවද IIT Bombay පවසයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නොතිබූ බව ආයතනය ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උපදේශකවරයා සහ අංශ ප්‍රධානියා සිසුවා සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔහුට උපදේශනය ලබාදී, මෙම සිද්ධිය හේතුවෙන් ඔහුගේ අධ්‍යාපනික අනාගතයට අහිතකර බලපෑමක් ඇති නොවන බවට දැනුම් දී ඇති බවද සඳහන් වේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිසුවා සිය නේවාසිකාගාර කාමරයට ගොස් ඇති අතර, පසුව ඔහු එම කාමරයේ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

IIT Bombay නිවේදනයක් නිකුත් කරමින් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කර ඇති අතර, සිද්ධියෙන් බලපෑමට ලක්වූ සිසුන්, මිතුරන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසට අවශ්‍ය සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.

රුසියානු සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි - ඉන්දියාවටත් 100% දක්වා දැවැන්ත තීරුබදු අවදානමක්

රුසියානු සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි - ඉන්දියාවටත් 100% දක්වා දැවැන්ත තීරුබදු අවදානමක්

සිසුන්ගෙන් විරෝධතාවක්

සිසුවාගේ මරණය පිළිබඳ පුවත පැතිර යාමත් සමඟ IIT Powai පරිශ්‍රයේ සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

විරෝධතාවයේ නිරත සිසුන් චෝදනා කර ඇත්තේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ තොරතුරු ආයතන පරිපාලනය විසින් හෙළි කර නොමැති බවයි. එමෙන්ම, සිසුවාට වසරක අධ්‍යාපන තහනමක් පැනවිය හැකි බවට තර්ජනය කර තිබූ බවටද ඇතැම් සිසුන් චෝදනා කර ඇත.

එවැනි තහනමක් පැනවූයේ නම් නේවාසිකාගාරයෙන් ඉවත් වී පරිශ්‍රයෙන් පිටත ජීවත් වීමට සිදුවිය හැකි බව ඔවුහු පවසති. එම තත්ත්වය ඔහුගේ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර හතරකින් ඔබ්බට දිගු වීමටද හේතු විය හැකි බව සිසුන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, විනය ක්‍රියාමාර්ග පිළිබඳ බිය හෝ අධ්‍යාපනික පීඩනය සිසුවාගේ මරණයට හේතු වූ බවට සිසුන් ඉදිරිපත් කරන මෙම චෝදනා මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැත. විරෝධතාවයේ නිරත සිසුන් ආයතන පරිපාලනයෙන් වගවීම, විනිවිදභාවය සහ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරු ඉල්ලා සිටියහ.

මාස කිහිපයක් තුළ සිදුවූ තවත් මරණයක්

වාර්තා අනුව, මෙය මාස කිහිපයක් ඇතුළත IIT Bombay පරිශ්‍රයෙන් වාර්තා වූ තවත් සිසුවෙකුගේ මරණයකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ සිසුන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් ආයතන පරිපාලනය ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. සිසුවාගේ මරණයට නිශ්චිත හේතුව සහ සිද්ධියට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් බලධාරීන්ගේ විමර්ශන අවසන් වන තෙක් නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි බව සඳහන් කළ යුතුය.

''ලක්ෂ 8ක අල්ලස ගද්දී සේරම කැමරාවට මට්ටු'' - බැංගලෝරයේ උපායට අසුවුණු නිලධාරියා ලෝකයටම පාඩමක්''

''ලක්ෂ 8ක අල්ලස ගද්දී සේරම කැමරාවට මට්ටු'' - බැංගලෝරයේ උපායට අසුවුණු නිලධාරියා ලෝකයටම පාඩමක්''