සුබ ආරංචියක් - රජයේ මේ නිලධාරින්ට ලබා දෙන ඉන්ධන සහනාධාර වැඩි කරයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිසේත්ම වැඩි කර නොමැති අතර, ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් සමස්ත වැටුපේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.

අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමත් සමඟ ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වත්මන් වෙළෙඳපොළ මිල ගණන්වලට ගැලපීමට රජය තීරණය කළ බවයි.

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

ඒ අනුව ඉන්ධන දීමනාව හිමි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුව ඇති අතර, එම තීරණය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද ලැබෙන දීමනා ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුව ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවී ඇති බවට මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

සාගරය ගිනියම් වෙද්දී එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උදාවෙන තවත් භයානක බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්

සාගරය ගිනියම් වෙද්දී එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උදාවෙන තවත් භයානක බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්