මන්ත්‍රී පුතෙක් අද අධිකරණයට - ලොක්කෙක්ටත් වැඩ වැරදිලා

Report

ව්‍යාජ තොරතුරු භාවිතයෙන් ලියාපදිංචි කර ඇති ජීප් රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පසුගිය මාස 4ක සිට විමර්ශනයක් සිදුකරමින් තිබුණි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව, එම ජීප් රථය මතුගම නගරයේ ධාවනය වීම සනාථවීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙහිදී එම ජීප් රථය සහ එය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පුද්ගලයා වනුයේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන මහතාය.

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

අවුරුදු 11කට කලින් මියගිය සැමියා හීනෙන් ඇවිත් දරුවෙක් දීලා

ජීප් රථය සහ ඔහු මේ වන විට මතුගම පොලිසියට භාරදී තිබේ. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, එම ජීප් රථය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලේඛන භාවිතයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.

පොලිසිය සන්ධාන කරන්නේ, මෙම නීතිවිරෝධී ක්‍රියාවලිය සදහා දෙපාර්තමේන්තුවේ ඇතුළත අයකුගේ සහයද ඇතිවී ඇති බවයි.

එම ජීප් රථය ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමෙන් ලියාපදිංචි කර ඇති අතර, එය භාවිතා කරනු ලැබුවේ ඔහුගේ පුත්‍රයා විසින් බවද විමර්ශනවලදී තහවුරු විය.

රසික විතාන මහතා විසින් සිදුකළ ප්‍රකාශයකදී පැවසූවේ, එම ජීප් රථය තමන් මිලදීගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවය.

එම ප්‍රකාශය අනුව, පොලිසිය ඊයේ (19) පස්වරුවේ ඇයගේ කළුතර නාගොඩ නිවස වෙත ගියද, ඇය සහ සැමියා එහි නොසිටි බව වාර්තා වේ. මේ අතර, රසික විතාන මහතා අද දිනයේදී මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.