කට නිසා කරදරේක වැටුණු මන්ත්‍රිනී ලක්මාලි

Report

පසුගියදා පැවති මාධ්‍ය වැඩසටහනකදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය දැඩි අපහසුතාවයට පත් වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකදීය.

වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපති මැතිවරණ වේදිකාවේ පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් අමාත්‍යවරුන් ඩොලර් මිලියනය ඉක්මවූ වාහන පදින බවත් ඒවා තමන් ජනාධිපති වහා වූහාම වෙන්දේසි කරන බව පැවසූ බවයි එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විපක්ෂය නියෝජනය කරමින් පෙන්වා දුන්නේ.

විද්‍යුත් වාහන සඳහා බදු වැඩි කරන්න අනුමැතිය

විද්‍යුත් වාහන සඳහා බදු වැඩි කරන්න අනුමැතිය

ඊට අභියෝග කරමින් ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා එවන්නක් කියා නැති බවත් කීවේ නම් ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

දොලවත්ත මහතා තම ජංගම දුරකථනයෙන් ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශය ගෙන හැර දැක්වූයේය.

ඒ සමගම ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය කියා සිටියේ තමන් ද ඒ බව විමසා සිටියේ තමන්ගේ දැනගැනීම පිණිස බවත් ජනාධිපතිවරයා එසේ කියන්නේ නම් එය නිවැරදි බවත්ය.

අධිවේගී මාර්ගවල කාඩ්පත් වලින් ගෙවීම් අද සිට

අධිවේගී මාර්ගවල කාඩ්පත් වලින් ගෙවීම් අද සිට