''මට ලෝයර්ස්ලට ආයේ සල්ලි දෙන්නෙ නෑ සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ '' මන්ත්රී චාමර මැතිසමය හොල්ලයි
එදා මැයි පෙළපාලි තිබ්බා එකෙදි කළේ නඩු තීන්දු කියෝපු එක පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් ප්රකාශ කර තිබේ.
ඔහු මේ බව ප්රකාශ කළේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට එක්වෙමිනි.
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' තාම සුද්දෝ හදපු කෝච්චිය නුවරට යවාගන්න බැරිවුණා. වැඩි හරියක් වතු කම්කරු ජනතාව ගොඩක් ගමන් කළේ මේ කෝච්චියෙන්. බදුල්ලට තියා නුවරටවත් කෝච්චිය ගෙනියන්න බැරි වුණා මහලොකුවට කයිවාරු ගහන ආණ්ඩුවට . වැඩිය මොකුත් ඕන් නෑ සුද්දෝ හදලා දීපු මේ උඩරට කෝච්චිය හදලා දෙන්න .
මැයි දිනේ වෙන මොනවත් කතා කරන්න නෙමේ ගියේ කට්ටිය හිරේ දාන එක ගැන කතා කරන්න . මම කියන්නේ ඕවා කියව කියව ඉන්න එපා කියලා . නඩු කාරයෝ ටික දෙනයි මේ රටේ ඉන්නේ . ඒ මිනිස්සුන්ගේ රෙදි ගලවන්න එපා ඕක කියන් නැතුව අධිකරණ ඇමතිතුමා ගහන්න ලිස්ට් එකක් මේ චාමරයා වදයක් මූව වදයක් මූව ඇතුළට දාන්න කියලා හරි දාන්න .
පාරවල් ගානෙයි හැමැතැනම නඩු තීන්දු කියන එක මේ ආණ්ඩුවට හොද නෑ.
ඒ වගේම ජානාධිපතිතුමා කිව්වා අනියම් සේවකයෝ 2025 වෙනකම් හිටපු හැමෝම ස්ථිර කරනවා කියලා ගැසට් එක අනුව තුන්දාස් ගානයි ස්ථිර වෙන්නේ. ජනාධිපතිතුමා කියන එකක් හරි කරලා පෙන්වන්ඩකෝ .
ඒ වගේම ඉන්දියාව හරහා කළු ඉංගිරියාව බලලලු ඩිජිටල් හැදුනුම්පත හදන්න යන්නේඒ ගැනත් බලන්න ''