උඩු දුවන මැති සබේ අධ්‍යාපන සුදුසුකම් ගැටලුව .. නොදුන් තොරතුරුත් දාලා..

Report

ආචාර්ය, මහාචාර්ය තනතුරු සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය මත සියලු මන්ත්‍රිවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ මන්ත්‍රිවරුන් නොදුන් තොරතුරු ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රි නාමලේඛනයට ඇතුළත් වී තිබීම ය.

අවුරුදු එකහමාරක සිගිත්තිය ඉදිරියේදීම පියාව අවසන් ගමන් යැවූ වෙඩි පහර ..

අවුරුදු එකහමාරක සිගිත්තිය ඉදිරියේදීම පියාව අවසන් ගමන් යැවූ වෙඩි පහර ..

මෙවර තේරී පත්වූ නවක මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට දෙනු ලැබ ඇති තොරතුරුවල යම් අපැහැදිලිතාවක් තිබේ නම් එම මන්ත්‍රිවරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් එම අපැහැදිලිතාව නිරාකරණය කෙරේ.

විශේෂයෙන් ආචාර්ය මහාචාර්ය තනතුරු ඇති මන්ත්‍රිවරුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් ආචාර්ය හෝ මහාචාර්ය තනතුර නමට පෙර යෙදීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන්ගෙන් විමසන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව මන්ත්‍රිවරුන්ගේ තොරතුරු ගත්තේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට පෙර දින දෙකක් වෙන් කරමිනි.

ලේ කිරි කරලා පෙව්වටද පුතේ උබ මට මෙහෙම කළේ....

ලේ කිරි කරලා පෙව්වටද පුතේ උබ මට මෙහෙම කළේ....

එම තොරතුරු අනුව කථානායක අශෝක රන්වලගේ හා ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි අරුණ කරුණාතිලකගේ නම් ඉදිරියෙන් වූ ‘ආචාර්ය’ යන්න මේ වන විට ඉවත් කරනු ලැබ ඇත.

මේ අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යොදා තිබුණේ අතපසුවීමකින් බව පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

You may like this video