නීතියෙන් ලෙස්සන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය යතුරුපැදි කාර්මිකයා අත්අඩංගුවට
අල්ලසක් ලෙස රුපියල් 50,000ක් ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල මේසය ඉදිරිපිටදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඒ අනුව අද (21) පෙ.ව. 10.50 ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බෙම්මුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වාර්තාවක් අනුව, සැකකරු මාර්ගයේ නියමිත ධාරිතාවයට වඩා වැඩි යතුරු පැදියක් ධාවනය කිරීම සහ එම යතුරු පැදිය ලියාපදිංචි නොකිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග නොගනිමින් ආපසු ලබා දීමට උත්සාහ කිරීම සඳහා සැකකරු මුදල් අල්ලසක් ලෙස රු. 50,000ක් ලබා දීමට උත්සාහ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරු පැදි කාර්මිකයෙකු බව සඳහන් වේ. සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.