මෝටර් රථ අලෙවිය ගැන පැතිරෙන ආරංචිය..එකවරම 03 ගුණයකින් වැඩි වෙයි.
විදුලි මෝටර් රථ (EV) අලෙවිය පසුගිය වසර තුන(03) තුළ තුන් ගුණයකින් වැඩි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව 2020 වසරේ දී ලොව පුරා අලෙවි වූ විදුලි මෝටර් රථ සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න බවයි එම වාර්තා වල වැඩිදුරටත් සදහන් කරන්නේ.
නමුත් 2022 වසර වන විට ලොව පුරා 11 වන සෑම මෝටර් රථ 20කින් 3ක්ම විදුලි මෝටර් රථ බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Inte ational Energy Agency (IEA) ආයතනය සඳහන් කළේ, 2023 වසර අවසන් වන විට මිලියන 14ක විදුලි මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි වනු ඇති බවයි.
එය 2022 වසරට සාපේක්ෂව සියයට 35ක වැඩිවීමක් බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |