බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර කතානායකවරයාට භාර දී ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසන්නේ, එය අද දිනයේ භාර දෙන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් දැනටමත් එයට අත්සන් තබා ඇති බවට වාර්තාවේ.