වසර 20කට පසු සම්මත වූ ඉන්දු - යුරෝපා වෙළඳ ගිවිසුම

Report

2007 වසරේදී ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සුණු සාකච්ඡාවලින් පසු, ඉන්දියාව ඊයේ (27) යුරෝපා සංගමය සමග ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළඹීමට සමත් විය.

ඉන්දියාව මත 50%ක තීරුබදු පැනවූ සහ යුරෝපා සංගමයේ රටවල් 08කට 100%ක තීරුබදු පනවන බවට තර්ජනය කළ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ආතතීන්ට ගැඹුරු ප්‍රතිචාරයක් ලෙස මෙම ඉන්දු-යුරෝපා නව හවුල්කාරීත්වය සැලකෙන අතර, එය නව ලෝක පිළිවෙළක ඇඟවුම් පළ කරන බව විචාරකයින් පවසති.

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

යුරෝපා සංගමයේ රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය සහ ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට වන ඉන්දියාව අතර නිදහස් වෙළඳාමට ඉඩ සලසමින් එළඹ ඇති මෙම ගිවිසුම ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳාම ඉක්මවා ගිය නව සහයෝගීතාවයක ආරම්භයක් බව දෙපාර්ශ්වයේ නායකයින් සඳහන් කර ඇත. 

වෙළෙඳ ගිවිසුම පිළිබඳ අවසන් එකඟතා තහවුරු කිරීමෙන් පසු යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් සිය X ගිණුමේ සටහන් කර තිබුණේ මෙය "mother of all deals" ලෙසය.

මෙම ගනුදෙනුව මගින් 2032 වන විට ඉන්දියාවට යුරෝපා සංගමයෙන් අපනයනය කරන භාණ්ඩ දෙගුණ කරනු ඇති අතර, වටිනාකම අනුව 96.6%ක තීරුබදු ඉවත් කිරීම හෝ අඩු කිරීම මගින් යුරෝපීය සමාගම් සඳහා යුරෝ බිලියන 4ක ඉතිරියක් සිදුවනු ඇතැයි යුරෝපා සංගමය පවසයි.

ඊයේ එළඹි ගිවිසුමේ එකඟතා යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කවුන්සිලය විසින් අනුමත කිරීමෙන් පසු මෙම වසර අග භාගයේදී පමණ අත්සන් තැබීමෙන් පසු බලපැවැත්වෙනු ඇත.

මෙම ගිවිසුම ඉන්දියාවේ රථ, රසායනික, ඖෂධ, වයින්, ඔලිව් තෙල් වැනි භාණ්ඩවලට තීරුබදු අඩු කිරීමත්, ඉන්දියාවේ වෙළඳ ඇඟලුම්, සම්, මුහුදු නිෂ්පාදන, රත්‍රන් හා බිඳුම් භාණ්ඩවලට යුරෝපයේ වෙළඳපොළ විවෘත කිරීමත් ඇතුළත් ය. එය ලෝක ජනගහනයෙන් බිලියන 2ක වෙළඳ කලාපයක් නිර්මාණය කරන බවත්, ට්‍රම්ප්ගේ තීරුබදු තත්ත්වයන්ට මුහුණ දීමට උපකාරී වන බවත් විශ්ලේෂකයින් සඳහන් කරති.

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න