දෙදරු මවක් දූෂනය කළ මහපොළව නුහුලන අපරාදය..

By Sithumi Apr 21, 2022 06:05 PM GMT
Report

දෙදරු මවක බලයෙන් දූෂණය කරන ලද අයකු අල්ලා ගස් බැන්ද පුවතක් මාරවිල පොලිසියට ලැබුණු පැමිණිල්ලක දැක්වෙයි. පැමිණිලිකාරිය වන දෙදරු මව 25 හැවිරිදි කාන්තාවකි

. තම සැමියා හාල්පන්විල ප්‍රදේශයේ රැකියාව කරන බවත් ඔහුගේ මිතුරෙකු වන අයකු නිතර තම නිවසට පැමිණෙන බවත් 18 වැනිදා සවස 3.00 ට පමණ මොහු බීමත්ව තම නිවසට පැමිණි බවත් එවේලේ තමා දරු දෙදනා සමග සාලයේ සිටි බවත් පැමිණිල්ලෙන් කියා ඇත.

එම පුද්ගලයා සාලයේ සිටි තමා එකවරම උස්සාගෙන කාමරයට රැගෙන ගිය බවත් තමා ඊට විරුද්ධ වෙමින් දඟලමින් කෑ ගැසූ විට පිහියක් පෙන්වා කෑගැසුවොත් මරණ බවට තර්ජනය කරමින් තමා දූෂණය කළ බවත් ඇය කළ පැමිණිල්ලේ දැක්වේ. පසුව පොර බදා ඔහුගෙන් බේරී අසල නිවසට කෑ ගසමින් දුවගොස් ප්‍රදේශවාසීන් සමග පැමිණ අදාළ පුද්ගලයා අල්ලා ගස් බැන්ද බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙයි. 

මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්‍ෂක අයිරාංගනී මහත්මිය පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකර මාරවිල හාල්පන්විල පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now